මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ පළමු අදියර වන කි.මී. 26ක් දුර මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර දෙසැම්බර් 21 වැනිදා වනවිට භාරදෙන බවප්‍රධාන කොන්ත්‍රාත්කරු වන චයිනා මැෂිනරි ඉම්පෝර්ට් එක්ස්පොර්ට් කෝර්පරේටිව් සමාගම සහ උප කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරන චයිනා රේල්වේ සර්විසස් සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවටදන්වා තිබේ.
චීන එක්සිම් බැංකුවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 278.2ක් වැයකරමින් ඉදිකළ මෙම මාර්ගය නියමිත ප්‍රමිතියට අනුව ඉදිකර තිබේදැයි සොයා බලා,පරීක්ෂණ දුම්රිය චාරිකා කිහිපයක් සිදු කිරීමෙන් පසුව ලබන වසර මුල වනවිට ජනතා අයිතියට පත්කිරීමට හැකිවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
උප දුම්රිය ස්ථාන 02 හැර අනෙකුත් සියලුම දුම්රිය ස්ථාන දුම්රිය වේදිකා 03කින් සමන්විත වන බවත්, මෙම මාර්ගයේ පිහිටි ප්‍රධාන දුම්රිය ස්ථානය වන බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ මීටර 110ක දිගින් යුතු ගොඩනැගිල්ලක්ද, මීටර 250 - මීටර් 300 පමණ දිගකින් යුතු වේදිකා 03කින්ද පිහිටා තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පිහිටි කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල, බෙලිඅත්ත යන ප්‍රධාන දුම්රිය ස්ථානවල සහ පිලදූව, වෙහෙරහේන යන උප දුම්රිය ස්ථානවල සේවය කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කැමැත්ත ප්‍රකාශ කර ඇතැයිද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.