පොලොන්නරුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරු 2020 සඳහා වු ආපනශාලා ටෙන්ඩරය ලබා දිම සඳහා පුද්ගලයෙකුගෙන් මත්පැන් බෝතලයක් සහ මස් කිලෝ 04ක් අල්ලසක් ලෙස ලබා ගන්නා අවස්ථාවේදී (04දා) පස්වරුවේ දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක විමර්ෂණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණි විරසූරිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පොලොන්නරුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කලමනාකරු ලෙස රාජකාරි කල කුරුඳුවත්ත , ගම්පොල පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු අද(05) දින පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.