දකුණු ආසියානු මත්ද්‍රව්‍ය පිළිබඳ නීතිය බලාත්මක කිරීමේ හැකියාව ශක්තිමත් කිරීම පිළිබඳ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක මධ්‍යස්ථානය මෙරට ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යංශයේ දකුණු ආසියානු කලාපීය කාර්යාලය මගින් අදාළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙයි. ඉන්දියාව, නේපාලය, මාලදිවයින, බංග්ලාදේශය, භූතානය මෙම මධ්‍යස්ථානයේ සාමාජික රටවල් වන අතර ශ්‍රී ලංකාව මෙම රටවල් සමග අදාළ අවබෝධතා ගිවිසුමට එළඹීමට නියමිතව ඇත.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ අනුමැතිය හිමිව තිබේ.