කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ රෝහලක සේවයේ නියුතු වෛද්‍යවරයෙකු කේරළ ගංජා පැකට් එකක් හා කසිප්පු බෝතලයක් සමග තිරප්පනය පොලීසිය හා කැකිරාව පොලීසිය එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදි ඊයේ (17දා) අත්අඩංගුවට පත්වි තිබේ.
පොලිස් ඇදිරි නීතිය පැවති ඊයේ දිනයේ තිරප්පනය පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් තිරප්පනය හැත්තෑව කනුව ප්‍රදේශයේදී පොලිස් උපාය දූතයෙකු යොදා ගංජා ග්‍රෑම් දෙකක් මිලදි ගෙන සිදු කල මෙහෙයුමකදි සැකකරුවෙකු ගංජා ග්‍රෑම් 100 ප්‍රමාණයක් සමග අත්අඩංගුවට පත්වි තිබු අතර එම අවස්ථාවේ එහි ප්‍රධාන සැකකරු ගංජා ග්‍රෑම් 500ක ප්‍රමාණයක් එම ස්ථානයේ දමා පොලිස් අත් අඩංගුවට පත් නොවෙමින් පලා ගොස් තිබුණි.
සැකකරු කැකිරාව පොලිස් වසමේ මරදන්කඩවල ඉට්ටිකට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව තහවුරු කර ගත් තිරප්පනය පොලීසිය ඔහු අල්ලා ගැනීමට කැකිරාව පොලීසියේ ස්ථානාධිපතිවරයා සමග එම නිවසට ගොස් තිබේ. එම අවස්ථාවේ සැකකරු නිවසේ සිට නැතත් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු එහි සිට ඇති අතර ඔහු පොලීසිය පැමිණිමත් සමග හදිසියේම නිවසින් පිටව යෑමට උත්සහ කල අවස්ථාවේ පොලීසිය ඔහුගේ මෝටර් රථය පරික්ෂාවට ලක් කර තිබේ.
ඒහිදී කසිප්පු කාලේ පැකට් හතරක් හා ග්‍රෑම් දෙකක කේරළ ගංජා පැකට් එකක් එම මෝටර් රථයේ ලාච්චුවක තිබි පොලීසියට හමුවි තිබුණි. ඒ අනුව නිවසේ සිටි වෛද්‍යවරයා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහු මීට පෙර කැකිරාව පොලිස් වසමේ පිහිටි රජයේ රෝහලක සේවය කර පසුව කුරුණෑගල පිහිටි රජයේ රෝහලකට ස්ථාන මාරු ලබා ඇති බව පොලීසියට අනාවරණය වි තිබුණි.
කසිප්පු හා ගංජා සන්තකයේ තබා ගැනීමට වෛද්‍යවරයාව කැකිරාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු එම චෝදනාවන්ට කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
කේරළ ගංජා ජාවාරම්කරු ප්‍රදේශයෙන් පලා සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට තිරප්පනය පොලීසිය පරික්ෂණ සිදු කරයි. අත්අඩංගුවට ගෙන සිටින ගංජා ජාවාරම්කරු අද (18දා) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
තිරප්පනය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.අයි.බී රත්නායක මහතා හා කැකිරාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කුමාරසිංහ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.