රුපියල් හත් හත්ලක්ෂ පනස් දහසකට ආසන්න වටිනාකමින් යුත් , අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් සමඟ , ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ කම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි " "සුදු පුතා " නමින් හඳුන්වන පුද්ගලයකු බව පොලිසිය කියයි.
වැලිකඩ පොලිසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් නිලධාරියෙකුට ලද තොරතුරකට අනුව , මොරගස්මුල්ල හන්දිය ආසන්නයේ ත්‍රීරෝද රථ ගාලක සිටියදී , සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව සැකකරු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 , සහ හෙරොයින් ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 100 සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි .
එහි වටිනාකම රුපියල් 7,50,000 ආසන්න බව පැවසේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී , ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ සේවකයින්ට හා කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ සේවකයින්ට කලක සිට අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සරුවට කරහෙන විත් ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි .
කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ සේවකයෙකු සතියකට වරක් පැමිණ අයිස් සහ හෙරොයින් ග්‍රෑම් 100 ක් පමණ රැගෙන යන බවට ද තොරතුරු අනාවරණය වී තිබේ .
කොස්වත්ත ප්‍රදේශයේ සහ අංගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුගේ අයිස් සහ හෙරොයින් මිලදීගෙන වසර පහක පමණ සිට මෙම ජාවාරම කරගෙන විත් ඇති බවත් , ඒ කාලය තුළ එක් අවස්ථාවකදී හෝ පොලීසියට හසු වී නොමැති බවත් පැවසේ .
අයිස් පානයට තදින් ඇබ්බැහි වූ සැකකරු මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය