මත්ද්‍රව්‍යවලට එරෙහි සටන තවම අවසන් නොමැති බව, බටහිර රාජ්‍යයන් විසින් නිරන්තරයෙන් චෝදනා කළ එම සටන ආරම්භ කර වසර පහකට වැඩි කාලයක් ගතවී ඇති අවස්ථාවේදී පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ කියා සිටියි.
ඩුටර්ටේ සිය ජනපති ධුරයේ සිදුකරන අවසන් රාජ්‍ය දේශනයේදී තමා සිදුකළ මත්ද්‍රව්‍ය සටන ආරක්ෂා කරමින් කියා සිටියේ ඒ හරහා අපරාධ අඩුකර, සාමය වැඩි දියුණු කළ බවයි.
"මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට එරෙහි අපගේ සටනේදී අපට තව බොහෝ දුරක් තිබෙනවා" ඩුටර්ටේ පැය තුනකට ආසන්න කාලයක් සිය දේශනය අමතමින් කියා සිටියේය. මෙම දේශනයේදී කොවිඩ්-19 වසංගතය කෙරෙහි ඔහු වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළහ.
76 හැවිරිදි ඩුටර්ටේ නැවත ජනපති ධුරයට පත්වීමට සුදුසුකම් නොලබන නමුත් ඔහු උප ජනාධිපති ධුරය සඳහා තරග කළ හැකි බවට ඉඟි පළ කර තිබේ. එය නැවත බලයට පැමිණිය හැකි පසුබිමක් ලෙස විචාරකයින් දකියි.