මුහුදු මාර්ග ඔස්සේ රට තුළට විෂ මත්ද්‍රව්‍ය රැගෙන එම වැළැක්වීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තීරණය කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙලට ශක්තියක් වීම සඳහා සමස්ථ ධිවර ප්‍රජාවම දායක කරගැනීමේ ජාතික ක්‍රියාන්විතයක් ආරම්භ කිරීමට මේ හරහා කටයුතු කරන බව ඒම අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ යටතේ රට වටා ඇති සියළු තොටුපළ සහ ධිවර වරායන් ජාලයක් ලෙස මෙම ජාතික වැඩපිළිවෙල සඳහා දායක කරගැනීමට සැලසුම් කර තිබේ.
ධීවර වරාය නීතිගත සංස්ථාවට නව ප්‍රධානින් පත් කළ වහාම වරාය කළමනාකරණ කම්ටු පිහිටුවා , එම කම්ටු මගින් කළමනාකරණය, ධිවර වරාය සංවර්ධනය සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට මේ යටතේ බලාපොරොත්තු වෙයි.
එලෙස රටතුලට විෂ මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට , පොලිස් විශේෂ කාර්ය බඝකායට , ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක බළකායට සමස්ථ ධිවර ප්‍රජාවගේම සහය මෙම වැඩපිළිවෙල ඔස්සේ හිමි කර දීමට බලාපොරොත්තුවෙයි.