මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා ආකර්ෂණීය ගුවන් තොටුපළ වශයෙන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නේ ගුවන් තොටුපළ ආශ්‍රිතව අපනයන සැකසුම් කළාපයක්, ගුවන් යානා නඩත්තු අලුත්වැඩියා සහ පිරිවැඩියා අංගනයක් (MRO) සහ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතනාගේ මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවේ දි වාචික පීළිතුරු අපේක්ෂාවෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරවයා මේ බව සදහන් කළේය.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම සහ එහි ඉදිරි කටයුතු පිළිබදව එමගින් විමසා තිබිණි.