මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන සේවකයෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් එම නිසා එම කාර්යාලයේ සේවය කල වෛද්‍යවරුන් ඇතුළු සියලු දෙනාගේ පී.සී.ආර්.පරීක්ෂණ සිදුකල බවත් පී.සී.ආර්.පරීක්ෂණ සිදුකල සියලු දෙනා ස්වයං නිරෝධායනයට යොමුකල බවත් මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී.ලයනල් මහතා පැවසීය.
මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පී.සී.ආර්.පරීක්ෂණ සිදුකිරීමේ කණ්ඩායමේ කටයුතු කල රෝග මර්දන සහායකයෙකුට මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදුකල පී.සී.ආර්.පරීක්ෂණයකින් තහවුරු වී ඇත.
මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වැඩිවීමත් සමග එම කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් තුනක් හුදකලා කල අතර එම ප්‍රදේශ වල සහ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්.පරීක්ෂණ සිදුකිරීම මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායම් ලෙස අදාළ ප්‍රදේශ වලට ගොස් සහ මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී සිදුකළහ.
මෙසේ එම පී.සී.ආර්.පරීක්ෂණ සඳහා සහභාගී වූ කළුපහන ප්‍රදේශයේ පදිංචි රෝග මර්දන සහායකයෙකු ලෙස කටයුතු කල මහතෙකුට මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
මෙම සේවක මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවීමත් සමග මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවයේ නියුතු සියලු දෙනාගේ පී.සී.ආර්.පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව එම සියලුදෙනා ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර එම කාර්යාලය අද දිනයේ (09) වසා තබා අද දිනයේ විෂබීජහරණය කිරීමෙන් අනතුරුව වෙනත් නිලධාරීන් කණ්ඩායමක් යොදවා නැවත සියලු කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී.ලයනල් මහතා වැඩිදුරටත් පැවසීය.
මතුගම බන්දු තඹවිට