සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළිවීමෙන් මතුගම නගරයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තාවකාලිකව වසා දමා එහි සේවය කල පිරිස නිරෝධායනයට යොමුකළ බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී.ලයනල් මහතා පැවසීය.
මතුගම නගරයේ පවත්වාගෙන යන පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය කරන කලවාන ප්‍රදේශයේ පදිංචි මුදල් අයකැමි වරියකට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළිවීමෙන් මෙම පියවර ගෙන ඇත.
එසේ කොරෝනා ආසාදනය වූ අයකැමිවරිය සමග සේවයේ නියුතු පිරිස තම නිවෙස් වල ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර එම නිරෝධායනයට යොමුකළ පිරිසගේ පී.සී.ආර්. පරීක්ෂණ හෙට (06) දින සිදුකිරීමට නියමිත බවත් , වෛද්‍ය මධ්‍යස්ථානය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව වෙනත් කාර්ය මණ්ඩලයක් සේවයේ යොදවා එම වෛද්‍ය මධ්‍යස්ථානයේ කටයුතු පවත්වාගෙන යාමට උපදෙස් දුන් බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී.ලයනල් මහතා වැඩිදුරටත් පැවසීය.
මතුගම බන්දු තඹවිට