මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මීගම ප්‍රදේශයේ තුනී ලෑලි කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු හමුවීමත් සමග එම කර්මාන්ත ශාලාව වසා එහි සේවකයන් සියලු දෙනා නිරෝධායනයට යොමුකළ බවත් එම පිරිසට අමතරව මතුගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු සහ යටදොලවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයන් 10 දෙනෙකු ඊයේ දහවල් වාර්තාවූ බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා පැවසීය.
මතුගම වැලිපැන්න ප්‍රදේශයේ පසුගිය දිනකීපයෙදී කොරෝනා ආසාදිතයන් 65 දෙනෙකු හමුවූ අතර එම ආසදිතය හමුවූ වැලිපැන්න මුස්ලිම් පාර දින කීපයක් හුදකලාකර පසුගිය 19 වනදා සවස නැවත විවෘත කල අතර ඉන් අනතුරුව මතුගම අවට ආයතන වල සහ විවිධ ස්ථාන වල පී.සී.ආර්. පරීක්ෂණ මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදුකිරීමෙන් අනතුරුව මෙසේ ඊයේ දිනයේදී ආසාදිතයන් 24 දෙනෙකු වාර්තාවී ඇත.
මීගම තුනී ලෑලි කර්මාන්ත ශාලාවේ සේවකයන්ට අද දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර තවදුරටත් මතුගම ප්‍රදේශයේ ආයතන වල සහ අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගයාත්‍රි විතාන මහත්මිය සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතාගේ අධීක්ෂණයෙන් සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇත.
මතුගම බන්දු තඹවිට