බකමුණ ප්රදේශයේ මත්කුඩු අලෙවි කල හිටපු පොලිස් නිලධාරියෙකු හෙරොයින් ග්රෑම් 2යි මිලි ග්රෑම් 150ක් සමඟ ඊයේ (16) දින පස්වරුවේ දි කෝට්ටපිටියේ දි අත්අඩංගුවට ගත් බව බකමුණ පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බකමුණ කෝට්ටපිටිය ප්රදේශයේ පදිංචි හිටපු පොලිස් කොස්තාපල්වරයෙකි. මෙම පුද්ගලයා පොලිස් සේවයේ රැදි සිටි කාලයේ ගංජා ප්රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට පත් විමත් සමග පොලිස් සේවයෙන් ඉවත් කොට ඇති පුද්ගලයෙක් බව බකමුණ පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් පුද්ගලයා බකමුණ ප්රදේශයේ පාසල් දරුවන් සහ තරුණයන්ට මෙම මත්කුඩු අලෙවි කර ඇති බවට පොලිස් විමර්ශන වලදි අණාවරණය වි ඇත. ලද තොරතුරක් අනුව මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ මත්කුඩු සමඟ අද (17) දින හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව බකමුණ පොලීසිය පවසයි.