කලුතර උතුර පොලිස් වසමේ සිදු කළ වැටලීම් තුනකින් රුපියල් ලක්ෂයකට අධික හෙරෝයින් මත්කුඩු සමග පුද්ගලයන් 5 දෙනෙක් අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි .
එම සැකකරුවන් සමග හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 8 මිලිග්‍රෑම් 500 ක් ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත .
හෙරෝයින් මත්කුඩු ජාවාරමේ යෙදෙන පුද්ගලයන් දෙදෙනෙක් සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කළුබෝවිල මහතාට ලද තොරතුරක් අනුව කළුතර උතුර පොලිස් වසමේ එතන මඩලජාවත්ත වත්ත සහ ගංකන්ද ගොඩවත්ත ප්‍රදේශයන්හි සිදුකළ වැටලීම් වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස් දෙනා අතර මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ගිණුම් වලට මුදල් බැරකර මත්කුඩු ලබාගෙන අලෙවිකරණ පුද්ගලයන් දෙදෙනෙකුට සිටින බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
සෙසු සැකකරුවන් තිදෙනා මත්කුඩු පානයට ඇබ්බැහි වූවන් බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරීයෙකුට පැවසීය.
මෙම සැකකරුවන් අතර සිටින පුද්ගලයන් දෙදෙනෙක් ටෙනිස් බෝල වලට මත්ද්‍රව්‍ය දමා තාප්පය මතින් බන්ධනාගාර භූමියට විසි කිරීමේ චෝදනා ලැබූවන් බව පොලිස් නිලධාරීයා වැඩිදුරටත් පැවසීය
සැකකරුවන් කලුතර අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි .