එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ඊයේ දහවල් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට රැගෙන ආ මෘත ශරීරය ප්‍රභල අපරාධකරුවෙක් බව කියන කෙසෙල්වත්තේ දිනුකගේද යන්න පිළිබඳව නියත වශයෙන්ම හඳුනා ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමට අධිකරණය අවසර දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම මෘත ශරීරය වෙනත් අයෙකුගේ නමින් මෙරටට රැගෙනවිත් තිබෙන බැවින් කටුනායක පොලීසිය ඒ පිළිබඳව විමර්ශනයක්ආරම්භ කර තිබේ.
කෙසෙල්වත්තේ දිනුක යන අය ප්‍රභල අපරාධ ගණනකට සම්බන්ධ පුද්ගලයෙක් බවත් එම නඩු අවසන් කිරීම සඳහා මෙසේ මියගොස් ඇත්තේ කෙසෙල්වත්තේ දිනුකදැයි නිශ්චිතව දැන ගැනීම අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම මෘත දේහය රාජපක්ෂ කසුන් මධුරංග නමින් ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන තිබේ. ඒ අනුව පොලීසිය විසින් අදාළ මෘත ශරීරය හඳුනා ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා ඇති අතර එම අවසරය ලැබී තිබේ.
ඒ අනුව මෘත ශරීරය හා එය ගෙන එන ලද තැනැත්තියගේ සාම්පල ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා ලබා ගැනීමට නියමිත අතර මෘත ශරීරය ගෙන ආ තැනැත්තිය මව බවට සලකන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
එසේම දිනුක විදෙස්ගතවීමට ප්‍රථමව ඔහුගෙන් ලබාගත් ඇඟිලි සළකුනු පොලීසිය සතු බවත් මෘත ශරීරයේ ඇඟිලි සලකුණු හා කාර්යාංශයේ ඇති ඇඟිලි සලකුණු සන්සන්දනය කරන බවද ඔහු පැවැසීය.
ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා දේහය ඥාතීන්ට භාර දෙන බවද ඔහු පැවැසීය.
කොවිඩ් රෙගුලාසි අනුව මෘත ශරීරයක් රැගෙන ආ විට අවසන් කටයුතු ගුවන් තොටුපොළ අවට සිදුකළ යුතු වෙයි.