යාපනය මාණිප්පායි පොලිස් වසමේ පිහිටි නිවාස 03කට ඊයේ (10) රාත්රියේ ආවා කල්ලියේ සැකකෙරෙන පිරිසක් විසින් පහර දී බඩු බාහිරාදියට හානි කොට පළා ගොස් ඇති බවට මාණිප්පායි පොලීසිය පවසයි.
මාණිප්පායිහි පිහිටි අදාළ නිවස් තුනට එකම යතුරුපැදි කණ්ඩායමක් විසින් පහර දීම සිදු කොට ඇති බවට අනාවරණය වී ඇති අතර යතුරුපැදි තුනකින් 9 දෙනෙකු පමණ මුහුණු ආවරණය කරගනිමින් අදාළ ප්රහාරයට පැමිණ ඇති බවට පොලීසිය විසින් අනාවරණය කොට ගෙන ඇත.
පහරදීමට පැමිණි පිරිස් විසින් නිවෙස් වල තිබූ උපකරණ වලට හානි කොට නිවෙස් හිමියන්ට හානියක් නොකොට ඔවුන්ට තර්ජනය කොට පළා ගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇති බවට මාණිප්පායි පොලීසිය වැඩි දුරටත් පැවසීය.