මැණික් ගැරීමට ලබා දී ඇති බලපත්ර අවභාවිත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්රියාත්මක කිරීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර තිබෙනවා.
ඇළහැර කිරිඔය ප්රදේශයේ මැණික් ගැරීමට ලබා දී ඇති බලපත්ර උපයෝගී කර ගනිමින් විවිධ පාරිසරික හානි සිදුකරන බවට පැමිණිලි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ලැබී තිබෙනවා.
ඒ අනුව ඒ පිළිබද සොයා බැලීමට ඒ අධිකාරියේ නිලධාරීන් එම ප්රදේශයේ සංචාරයක නිරත වුණා.
භූමියේ ගැඹුරුවලවල් හාරා අක්කර 35 ක පමණ භූමියක හානි සිදුකර ඇති බව මෙහිදි නිරීක්ෂණය වුණා.
විශාල භූමි ප්රමාණයක ශාක කපා හානි සිදුකර තිබූ බව ද තහවුරු වූ අතර මෙවැනි ක්රියා සිදුකර ඇති පුද්ගලයින්ගේ බලපත්ර අවලංගු කරන බවයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නාවුල කාර්යාලයේ සහකාර අධ්යක්ෂ සංජීව මුගුණුවත්ත මහතා සදහන් කළේ.