පසුගිය දා ශ්‍රී ලංකාවට රැගෙන ආ ඇමරිකාවේ නිශ්පාදිත මෝඩර්නා එන්නත සීගිරිය ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්රයේ නියුතු වුවන්ට ලබාදීමේ කටයුතු ආරම්භ කෙරේ.
සීගිරිය ප්‍රදේශයේ දෙදහසකට ආසන්න සංචාරක ක්ෂේත්රයේ නියැලී සිටින්නන් සඳහා අද (18) දිනය තුළ එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග එන්නත් කරන වැඩපිලිවෙල නිරීක්ෂණය කිරීම සදහා එක් විය.
කොරෝනා ආසාදනය සහ දරුණු රෝගී තත්ත්වය මෙන් ම මරණ ඇතිවීම වැළැක්වීම සඳහා නිර්මාණය වූ එන්නත් අතර මුලින්ම භාවිතයට පැමිණි එන්නතක් ලෙස මොඩර්නා එන්නත හැඳින්විය හැකියි .
මූලික පර්යේෂණ වලදී ඉදිරිපත් වුණු දත්තවලට අනුව 94% ක ඉහළ කාර්යක්ෂමතාවයකින් රෝග නිවාරණය කිරීමේ හැකියාවක් මෙම එන්නත මගින් පෙන්වා තිබේ.
එමෙන් ම ඇතැම් නව කොවිඩ් වෛරස ප්‍රභේද සඳහා ද මෙය සාර්ථකව ක්‍රියා කරන බවට විදෙස් රටවල සිදු කල මූලික මට්ටමේ පර්යේෂණ වලින් අනාවරණය වෙමින් පවතියි.
මෙය ඇමරිකා එක්සත් ජනපදයේ එන්නත් සමාගමක් වන Moderna Inc. මගින් ස්පාඤ්ඤයේ නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය වන එන්නතක් වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක වන COVAX (කොවැක්ස්) පදනම යටතේ මෙම එන්නත් තොගය ලංකාවට ලැබිණි.