නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ පවුලට හිමිකාරිත්වය ඇති මඩකලපුව විශ්වවිද්‍යාල පෞද්ගලික සමාගමේ උපකුලපති ලෙස කටයතු කළ සිංහල බෞද්ධ මහාචාර්යවරයා හා අධ්යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ සිංහල බෞද්ධ ආචාර්යවරයෙක් ඉල්ලා අස්වූ බව හිස්බුල්ලා මහතා පවසයි.
ඊයේ (06දා) දෙරණ නාළිකාවේ 360 දේශපාලන සංවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහි උපකුලපති ලෙස කටයුතු කරන්නේ සිංහල බෞද්ධ මහාචාර්යවරයෙක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම එම ආයතනය ආණ්ඩුවට භාර දිමට පවා තමන් කැමැත්තක් ඇති බවත් එහිදි තම පළාතේ ළමුන් වෙනුවෙන් ප්‍රමුඛතාව ලබාදිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම එම විශ්වවිද්‍යාලය මුස්ලිම් ජනතාවට පමණක් විවෘත වන විශ්වවිද්‍යාලයක් නොව සෑම ආගමක හා ජාතියක සිසුන්ට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.