කාත්තාන්කුඩි සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදනය ව්‍යාප්තවීම හේතුවෙන්කාත්තාන්කුඩිහි අද සිට නැවත දැනුම් දෙන තුරු ප්‍රදේශයේ පල්ලි 90 ක් වසා දැමීමට නියමිතයි
පල්ලි වසා දැමියයුතු යැයි කාත්තාන්කුඩි නගරය සදහාවූ කොවිඩ් 19 මර්දන බලකාය දැනුම් දීමෙන්අනතුරුව අද කාත්තාන්කුඩිහි පල්ලි සියල්ල වසා දැමීමට නියමිතයි.
වර්තමානයේ කොරෝනා තත්ත්වය සම්බන්ධවත් දිවයිනේ ශීඝ්‍රයෙන් ව්‍යාප්තවන ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයෙදි පැවැත්වුනු හදිසි වැදගත් රැස්වීමේදී මෙම තීරණය ගත් බව කාත්තාන්කුඩි නගර සභාවේ නගරාධිපති එස් එච් අස්ෆර් පවසයි
මඩකලපුව දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදනය ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීම නිසාත් වර්තමානයේ දිනෙන් දින අයහපත් තත්වයට මරණ ප්‍රතිශතය ඉහළයාම් නිසාත් දැඩි තීන්දු ගන්නා බවත් මහා ජනතාව ඉතා අවදානයෙන් හා සමාජ වගකීමෙන් හැසිරෙන ලෙස ඉල්ලා සිටින බවට දන්වා ඇත.
අද සිට මංගල උත්සව සියල්ල නැවත දැනුම් දෙනතුරු නතර කර ඇත.
ජාතික දිස්ත්‍රික්ක කොරොනා මර්දන බලකායේ තීන්දුවල අනුකුලව අද සිට පල්ලිවල නැමදුම සදහා මහා ජනතාව සහභාගිවිම නතර කර ඇති අතර නැවත දැනුම් දෙනතුරු පල්ලි වසා දැමිය යුතුයි භෝජන ශාලාවල්වලින් කෑම රැගෙන යාමට පමණක් අවසර ලබාදී ඇති අතර හෝටල් ඇතුලටත් කෑම අනුභව කිරීමට අනුමත නොකරන ලෙස තීරණ ගැන ජනතාවට දන්වා ඇත.
ටි එල් ජව්ෆර්කාන්