මඩකලපුව ආරයම්පතිහි පිහිටා ඇති බ්රෑන්ඩෙක්ස් ඇඟලුම් කර්මාන්තය තාවකාලිකව දින තුනකට වසා දමන ලෙස නැගෙනහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක පැවසීය.
මඩකලපුව කල්ය්වාන්ච්කුඩි හා මාවඩ්මාරියිල් හදුනාගත් කොරෝනා ආසදිතයින්ගේ ඥාතින් පිරිසක් ආරයම්පති බ්රෑන්ඩෙක්ස්ය ඇගලුම් කම්හලේ සේවය කිරිම කිරීම නිසා එම කර්මාන්තය තාවකාලිකව දින 3ක් වසා විෂබීජහරණය කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව නැගෙනහිර පළාත් අධ්‍යක්ෂක වෛද්‍ය අලකයියා ලතාකරන් පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වු අධ්‍යක්ෂකවරයා එම ඇඟලුම් කර්මාන්තයේ තුන්දාහක් පමණ සේවකයින් සේවය කරති.
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තයේ කොරොනා අසාදනය වීමෙන් අනතුරුව සේවකයින් සීමාකර එහි පි සී ආර් පරීක්ෂණ පවත්වා ඇඟලුම් කර්මාන්තය ක්‍රියාත්මක වේ.
කලුවාන්ච්කුඩිහ මාවඩිමුන්මාරිහි හදුනාගත් කොරෝනා ආසාදිතයින් දෙදෙනාගේ සහෝදරියින් හා ඥාතින් එම ඇඟලුම් කර්මාන්තයේ සේවය කරමින් සිටි. ඒ අනුව ඔවුන් නිරෝධානය කර පි සි ආර් පරීක්ෂණ පවත්වන ලද අතර එම ඇඟලුම් කර්මාන්තය තාවකාලිකව අද සිට වසා දමා සෞඛ්‍ය කටයුතු කරන මෙන් මහජන සෞඛ්‍ය නිලධාරින් කර්මාන්ත ශාලා පරිපාලනයට දන්වන ලදි.
මොවුන්ට පවත්වන ලද පිසීආර් පරීක්ෂණවල වාර්තා ලැබීමෙන් පසු ඉදිරිකටයුතු සම්බන්ධව තීරණය කරන බව හෙතෙම පැවසීය.
මඩකලපුව ටී එල් ජව්ෆර්කාන්