රජයේ ලක් පොහොර සහ කොමර්ෂල් පොහොර සමාගම්හි ආරක්ෂිත යූරියා තොගයක් පවත්වා ගෙන යන ලෙස කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සභාපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.
හදිසි පොහොර අවශ්‍යතාවයකදී මෙන්ම තොග ආනයනයකදි වන ප්‍රමාද විම් සඳහා මෙම තොගය භාවිතයට ගත හැකි බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ලක් පොහොර සමාගමෙහි වෘත්තිය සමිති කිහිපයක් සමඟ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මෙම තීරණයට එලබී ඇත.
ඒ අනුව යූරියා මෙට්‍රික්ටොන් 30,000ක ආරක්ෂිත තොග සංචිතය ලක් පොහොර සමාගමට ටොන් 15,000ක්ද කොමර්ෂල් පොහොර සමාගමට ටොන් 15,000ක් වශයෙන් මෙම තොගය බෙදී යනු ඇත.
එසේම ඉදිරියේදි පොහොර තොග ඇණවුම ලැබු සැනින් නැවෙන්ම පොහොර තොග ලොරි රථ සඳහා නිකුත් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී උපදෙස්දි ඇත. ගබඩා පහසුකම් වෙනුවෙන් වැය කරන මුදල මේ ක්‍රමවේදය යටතේ ඉතිරි වන බවත් ගොවියාට පොහොර ප්‍රමාදයකින් තොරව ලබා ගැනීමට මෙමඟින් අවස්ථාව උදා වන බවත් අමාත්‍යවරයා පැවසිය.
දැනට පොහොර ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ලොරි රථ සංඛ්‍යාවද වැඩි කර ගොවිජන සේවා මධ්‍යස්ථානයන්ට පොහොර ලබා දිය යුතු බව අමාත්‍යවරයා මෙහිදි පැවසීය.
එමෙන්ම ලක් පොහොර සමාගම විසින් පොහොර බෙදා හැරිමේදී පැන නඟින ගැටලු විසඳිමට ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවක් ආරම්භ කර ඇති බවත් එමඟින් පැය 24 පුරාවටම ගොවීන්ගේ පොහොර ගැටලු විසදීමට තම සමාගම ඉදිරියේදී කටයුතු කරන බව ලක් පොහොර සමාගමේ සභාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව ඉදිරි සතියේ සිට 0113036666 යන දුරකථන අංකය ඔස්සේ ජනතාවගේ ගැටලු වෙනුවෙන් විවෘත වනු ඇති බව සභාපතිවරයා පැවසීය.