මෝටර් වාහන හා සුඛෝපභෝගී භාණ්ඩ මාස තුනක කාලයක් සඳහා ආනයනය කිරීම තහනම් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ගෙවුම් ශේෂ හිඟය පාලනය කිරීම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ග ගත් බව ඔහු වැඩිදුරටත් පැවැසීය.
“ආනයන අපනයන සීමා කිරීමේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා. රට දැවැන්ත අර්බුදයකට මෝටර් වාහන, ශීතකරණ, අධි ශීතකරණ, සුඛෝපභෝගී භාණ්ඩ, දේශීය වශයෙන් වගා කළ හැකි එළවළුත් ආනයනය මාස තුනකට තහනම් කර තිබෙනවා.
සමහර භාණ්ඩ ආනයනය අධෛර්යමත් කරන්න බදු ප්‍රතිශතය ඉහළ නංවා තිබෙනවා. කර්මාන්ත සඳහා අවශ්‍ය අමද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර ආනයනය කිරීමට අවස්ථාව තිබෙනවා.” යැයි ඔහු පැවැසීය.