එළඹෙන සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණ ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි.
ජනතාවට සිය කටයුතු පහසු කරගැනීම සඳහා මෙලෙස නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
කෙසේවෙතත් එදිනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවාවන් ලබාගැනීමට බලාපොරොත්තු වන ජනතාව 011 2 677 877 යන දුරකථන අංකය ඔස්සේ වේලාවක් වෙන් කරගන්නා ලෙස ද දැනුම්දෙයි.
එමෙන්ම නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලවලට අමතරව කුරුණෑගල, ගම්පහ, අනුරාධපුර, යාපනය සහ හම්බන්තොට කාර්යාලවල ද සේවාවන් සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව සඳහන් ය.
කෙසේවෙතත් කොළඹින් පිට කාර්යාලවල සේවාවන් ලබාදෙනු ලබන්නේ කලින් වේලාවක් වෙන්කරවා ගත් සේවාලාභීන් සඳහා බවද මෝටර් රථ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කරයි.