මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලවලින් සේවා වෙන්කර ගැනීමේ පහසුව සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
සේවාලාභීන් පත්වන අපහසුතාවය අවම කිරීම සඳහා ශ්රී ලංකා ටෙලිකොම් ආයතනය හා ඒකාබද්ධව පැය 24 පුරාම සේවා වෙන්කර ගත හැකි අයුරින් එම දුරකථන අංකය ලබා දී ඇත.
ඒ අනුව 0112 677877 යන නව දුරකථනය අංකය අද සිට ක්රියාත්මකව පවතී.
මීට පෙර ද එම දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට සේවා ලබා ගැනීමට පෙර දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට දුරකථන අංක කිහිපයක් හඳුන්වා දි තිබුණි.