කෝවිඩ් වෛරසය පවතින කාලසිමාව තුළදි වුවත් රජය විසින් ලබාදෙන නිර්දේශ මත සෞඛ්‍යාරක්ෂිතව පියවර අනුගමනය කරමින් නැවත මහජනතාවට අවශ්‍ය සේවාවන් ලබාදිමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කිරිමට සුදානම් බව ඔවුහු සඳහන් කරති.
ඒ අනුව දැනට ඇඳිරි නීතිය පවතින කොළඹ , ගම්පහ ,කලුතර,පුත්තලම,මහනුවර,කෑගල්ල හා අම්පාර යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල අප්‍රේල් 27 වන දින සිට සේවාවන් ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
රජයේ දෙනු ලබන උපදෙස් මත අවම සේවක පිරිසක් සම්බන්ධ කර ගනිමින් සිමිත සේවාවන් ප්‍රමාණයක් පමණක් ලබාදිමට තිරණය කර තිබේ.
සියලුම සේවාවන් ලබාගැනිමට නම් කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගැනිමෙන් පැමිණිය යුතු බවත් සිමිත සේවකයින් පිරිසක් සිටින බැවින් අවශ්‍ය සියලු සේවාවන් ලබා දිය නොහැකි බවත් අවධාරණය කරයි.
මෝටර් රථ ප්‍රවාහන අංශයෙන් ලබා දි ඇති දුරකථන අංක සමඟ සමබන්ධ වි සතියේ දිනවල පෙව.9.00 සිට ප.ව 4.00 දක්වා සේවාවන් මහජනතාවට ලබා ගත හැකියි.
මෙම සේවා වෙන් කර ගැනිම් අන්තර්ජාල හා ජංගම දුරකථන මගින්ද ලබා ගත ගැනිමේ ක්‍රමවේදයන් ඉදිරියේදි ක්‍රියාත්මක කෙරේ.
දිස්ත්‍රික්ක අතර ගමනාගමනය පාලනය කර ඇති බැවින් එක් එක් දිස්ත්‍රික් කාර්යාලයෙන් දැනට සේවා ලබා දෙන්නේ එම දිස්ත්‍රික්කයේ පදිංචි සේවාලාභින්ට පමණක් බවත් ඔවුන් සදහන් කරයි.
ඒ අනුව පහත දි ඇති දුරකථන සමඟ සම්බන්ධ වි සේවාලාභින්ට අවශ්‍ය සේවාවන් ලබා ගත හැකි බව මෝටර් රථ ප්‍රවාහන අංශය සඳහන් කරයි.