කොළඹ හලාවත මාර්ගයේ බෝලවත්ත රංගම්මුල්ල පාලම අසල අද (20දා) අලුයම සිදු වු අනතුරකින් 6 දෙනෙක් මියගොස් තිදෙනෙක් බරපතල තුවාල ලබා ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වෙන්නප්පුව උල්හිටියාව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් වන ප්‍රදීප් ලෝවු (40) ඇතුලු පුද්ගලයන් පිරිසකි.
අද අලුයම 3 ට පමණ බෝලවත්ත රංගම්මුල පාලමට පිවිසෙන ස්ථානයේදි හලාවත දෙසට ඉදිරියෙන් ධාවනය වු මාළු ප්‍රවාහන අධිශිතකරණ ලොරි රථයක සුඛෝපභෝගි මෝටර් රථයක් පසුපස ගැටි මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරික්ෂණ වලදි හෙළි වු බව පොලිසිය කීය.
මෝටර් රථයේ ගමන් ගත් පිරිස සදයක් නිම වි නැවත වෙන්නප්පුව උල්හිටියාවට යමින් සිට ඇති බවත් අනතුරෙන් එම ස්ථානයේදිම 4 දෙනෙක් මියගොස් ඇති බවත් දෙදෙනෙක් මීගමුව රෝහලට ඇතුල් කර සිටියදි මියගොස් ඇති බවත් පොලීසිය කීය.
මෝටර් රථයේ අධික වේගය මෙම අනතුරට හේතු වි ඇති බවත් මෝටර් රථය ලොරි රථය පිටුපස සිර වි තිබියදි අසල්වාසීන් එක් වි තුවාලකරුවන් හා මියගිය පුද්ගලයන් මහත් පරිශ්‍රමයක් දරා එළියට ගෙන රෝහල් වලට ගෙන ගොස් තිබේ.
අනතුර සිදු වු ලොරි රථයද වෙන්නප්ප්පුව උල්හිටියාව ප්‍රදේශයේ අයෙකුට අයත් එකක් බවට තොරතුරු හෙළි වු බව පොලිසිය කීය.
මෙම මෝටර් රථයේ 9 දෙනෙකු පමණ ගමන් කර ඇති බවට තොරතුරු හෙළි වු බව පොලීසිය පවසයි.
චන්දන ප්‍රනාන්දු