මීටියාගොඩ වාචිස්වර මාවත ප්‍රදේශයේ අසල්වාසීන් දෙපිරිසක් අතර ඊයේ (21දා) රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් කාන්තාවක් මරුමුවට පත්වී පස්දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව මීටියාගොඩ පොලීසිය කියයි.
මිටියාගොඩ වාචිශ්වර මාවත ප්‍රදේශයේම පදිංචි වැල්ලගේ කාන්ති නමැති හතලිස්ප ස් හැවිරිදි තිදරු මවක් මේ ගැටුමෙන් මිය ගොස් ඇති බවද පොලීසිය කියයි. ඇයගේ එක් පුතකු මොරගහහේන පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරික්ෂකවරයෙක් බවද පොලීසිය කියයි.
මේ කාන්තාවගේ ඝාතනයේ සැකකරු ඇයගේ නිවස අසල පදිංචි යුද හමුදාවේ විශ්‍රාමික සෙබලෙක් බවත් පවසන පොලීසිය මේ ගැටුමෙන් ඔහුද බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවද කියයි.
මේ ගැටුමෙන් මියගිය කාන්තාවගේ සැමියා ,පුතුන් දෙදෙනා ,ඇයගේ සොහොයුරා ,තවත් ඥාතියකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද පොලීසිය කියයි.
ගැටුමෙන් තුවාල ලැබූ හයදෙනාම පළමුව බලපිටිය මූලික රෝහලට ඇතුලත් කළ බවත් අසාධ්‍ය තත්වයෙන් පසුවූ කාන්තාවගේ ඝාතනයේ සැකකරු හා ඝාතනයවී ඇති කාන්තාවගේ සැමියා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බවද පොලීසිය කියයි. .ඇළ මාර්ගයක් අවහිර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ අසල්වාසීන් දෙපිරිස අතර කාලයක් තිස්සේ පටන්ම ආරවුලක් පවතින බවත් ඒ ආරවුල මේ ගැටුමට හේතුව වන්නට ඇති බවත් පොලීසිය කියයි.
තමන්ගේ අසල්වාසි ඥාතියෙකුට ඊයේ (21 ) රාත්‍රියේ මේ ඝාතනයේ සැකකරු ඇතුලු පිරිසක් පහරදී ඇති බවත් ඔහුව බේරා ගැනීමට මියගිය කාන්තාව ඇතුලු අසල්වාසි ඥාති පිරිසක් එහි ගියවිට සැකකරු ඇයට ,ඇයගේ සැමියාට ,දරු දෙදෙනාට, සහ ඇයගේ සොහොයුරාට තියුණු ආයුධයකින් පහරදි ඇති බවත් ඉන් අනතුරුව මිය ගිය කාන්තාවගේ පිරිසේ අයවලුන් සැකකරුට පහරදී ඇති බවත් පොලීසිය කියයි.
කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත