තමන්ට ලබා ගැනීමට තවත් දෙයක් නොමැති බවත් ලංකාවෙන්ම පැමිණි ඉල්ලීම අනුව මෙවර මහ මැතිවරණයට තරග කරන බවත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිස්න මහතා ඊයේ 03 දා දිඹුලාගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය.
“මම පාර්ලිම්න්තුවේ අවුරුදු 26 හිටපු කෙනක් විදිහට, ජනාධිපති ධුරය දරපු කෙනක් විදිහට, මට තවත් ලබා ගත යුතු දෙයක් නෑ. මම මේ මැතිවරණයට තරග කරන්නේ ලංකාවේ සියලු දෙනාම මට කිවුවා පක්ෂ නායකයා විදිහට පාර්ලිමේන්තුව එන්න ආණ්ඩුවත් එක්ක එකතු වෙලා වැඩ කරමු කියලා.
පසුගිය අවුරුදු 30 ක කාලයක් වැඩ කරලා වෙනසක් කරලා තියනවා. ඒ නිසා හෙට දවස භාර ගන්න කියපු ඉල්ලීම නිසයි මම ආවේ. මම ජනාධිපති කාලේ උත්සහ කළා ජනතාව වෙනුවෙන් ගොඩක් දේවල් වෙනස් කරන්න. ඒ ආණ්ඩුව තුළ ගැටුම් තිබුණා .එක නිසා මට අවශ්‍ය විදිහට වැඩ කිරීමේ අවස්තාව ලැබුණේ නෑ. සියලු දෙනා එකට එකතු වෙලා වැඩ කරමු.”