අද දින18 මතුගමින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 17 දෙනා අතර, සිටි මතුගම බදුගම ප්‍රධාන විහාරස්ථානයක සාමණේර හිමිනමක් පසුගිය 13 දින සිට දාහතර දින දක්වා මීගහතැන්න විද්‍යාරාම පිරිවෙනෙහි වැඩ වාසයකර සිටීම නිසා අද දින සිට එම පිරිවෙන් විහාරස්ථානය නිරෝධායනයට ලක් කළ බව වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.
එම සාමණේර හිමිනම පසුගිය දිනෙක අනුරාධපුරයේ ගිය බස් රථයෙන් වාර්තා වුණු ආසාදිතයකු බවත් ,මීගහතැන්න පිරිවෙනේ වැඩ වාසය කළ අතුරතුර උන්වහන්සේ ගේ ආශ්‍රිතයින් සෙවීම ආරම්භ කළ ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය පැවසුවාය
ප්‍රේමතිලක පෙරමුණ