මීගහතැන්න නගර මධ්‍යයේ මාළු වෙළෙඳාමේ නිරත ව සිටි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස අද දින තහවුරු වූ බව වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.
මෙම පුද්ගලයා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පදිංචි අයෙකු නොවන අතර , ඔහු අලුත්ගම මීගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් , ඔහුගේ ආශ්‍රිතයන් සෙවීම හා ආරම්භ කර ඇති බවත් , වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.
මේ අතර ගිනි නිවන හමුදාවේ වාර්තා වූ ආසාදිතයන් අතරින් ,වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් යැයි පැවසෙන ආසාදිතයා පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු ලැබී නැතැයි වලල්ලාවිට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලකරත්න අතුකෝරළ මහතා පැවසීය.
ප්‍රේමතිලක පෙරමුණ