කළුතර ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වු හිනිදුම දුන්හේන ප්‍රදේශයේ එකම පවුලේ මව පියා හා දියණියට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් හිනිදුම පොලීසිය පවසයි.
මොවුන් තිදෙනා කළුතර ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගිවිම නිසා ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයකට ලක්කොට ඇත.එම පරික්ෂණයේ ප්‍රථිපල අනුව මෙකි මවට පියාට හා දියණියට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද පොලිසිය පවසයි. මොවුන් තිදෙනා වැඩිදුර ප්‍රථිකාර සදහා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකොට ඇත.
මොවුන් ගේ ආශ්‍රිතයින් වන පවුලේ 06 දෙනෙකු නිවස තුල නිරෝධායනයට ලක්කිරිමට කටයුතු කරඇති බවද පොලීසිය පවසයි.
ජිනේෂ් නානායක්කාර