නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ සැකකරුවන් 90 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ. මිගමුව ප්‍රදේශයට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් යාත්‍රා කරන බව මුර සංචාරයේ යෙදි සිටි වේග ප්‍රහාරක යාත්‍රාවන් අද (11දා) නිරීක්ෂණය කොට තිබේ.
එම ට්‍රෝලර් යාත්‍රාව පරික්ෂාවට ලක් කිරීමේදී නීති විරෝධී ලෙස මුහුදු මඟින් රීයුනියන් දුපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකීකයින් 90 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පිරිමි පුද්ගලයින් අසුනව දෙනෙකු (89) සහ එක් කාන්තාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට පියවර ගෙන ඇත. මෙම පුද්ගලයින් මඩකලපුව, තොඩුවාව, උඩප්පුව, හලාවත, මන්නාරම, අම්පාර සහ මාතලේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.