මීගමුවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයේදි කඩු ආදි තියුණු ආයුධ භාවිත කිරීමක් සිදුකර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
අද පෙරවරුවේදී රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.
“මීගමුවේ සිදුවූ මෙම සිද්ධියේදී අපට නිරීක්ෂණය වුණ දෙයක් තමයි කඩු ආදී තියුණු ආයුධ භාවිත කිරිමක් සිදු නොවීම. පොලීසිය හා ත්‍රිවිධ හමුදාව සිදුකරපු මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස තමයි තියුණු ආයුධයක් භාවිත වෙලා නැත්තේ.
බීමත්ව කලහකාරී ලෙස හැසිරුණ පුද්ගලයන් පිරිසක් හේතුවෙන් මේ තත්ත්වය ඇතිවුණා.”