මීගමුවේ ඇතිවූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.
මීගමුවේ ඇතිවූ සිදුවීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“මිගමුවේ සිදුවිමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම මේ සිදුවිමට අදාළව සම්බන්ධ වුණ තවත් පුද්ගලයන් කිහිප දෙනෙනක්ම හඳුනාගෙන තිබෙනවා.”