බීමතින් ඉතා අනාරක්ෂිත ලෙස මගින් ප්රවාහනය කරමින් තිබූ බස් රථයක රියදුරෙකු දඹුල්ල පොලීසිය අද ( 20) දින උදේ හතට පමණ සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය කියයි.
දඹුල්ල උසාවිය හන්දිය ප්රදේශයේ උදෑසන පාසල් ළමුන්ගේ ආරක්ෂාව සඳහා මාර්ගය යොදවා සිටි දඹුල්ල පොලීසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරින් පිරිසකට සැකසිති මෙම බස් රථය නවතා පරීක්ෂාකිරීමේදී රියදුරු අධික ලෙස බීමතින් සිටි බවත් එම අවස්ථාවේ බස් රථයේ මගීන් හැත්තෑවකට අධික පිරිසක් සිටි බව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල දකුණ ඩිපෝවට අයත් බස් රථයක් හා රියදුරෙකු බව පොලීසිය කියා සිටියේය.
අලුයම 5.45 ට පමණ කුරුණෑගල සිට ත්රිකුණාමලය බලා ධාවනය වන මෙම ලංගම බස් රථය දිනපතා ධාවනය වන එකක් බවත් මෙම බස්රථයේ විශාල වශයෙන් රජයේ සේවකයින් ගමන් කරන බස් රථයක් බව පොලීසිය පවසයි.
බස් රථයේ සිටි මගින් පොලිස් නිලධාරීන්ට සිය ස්තුතිය පුද කරමින් කියා ඇත්තේ මිනිස් ජීවිත හැත්තෑවක් පමණ අනතුරකින් බේරා ගත් බවය.
බස් රථයේ ඈතින් ප්රධාන මාර්ගයේ ගමන් කරන ආකාරය පිළිබඳව පොලිස් නිලධාරියකුට සැක සිතී එය නවතා තිබේ. පසුව පරීක්ෂාකර බැලීමේදී රියදුරු බීමතින් සිටීම නිසා මගින් වෙනත් බස්රථයකට නංවා පිටත් කර හැරි බවත් බස් රථය සහ රියදුරු පොලිස් භාරයට ගත් බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පි . එදිරිසිංහ මහතා සඳහන් කළේය.
රියදුරු දඹුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ප්රශ්න කිරීම්වලදී රියදුරු ප්රකාශකොට ඇත්තේ පෙරදින රාත්රියේ සංගීත සාදයකට සහභාගී වී මත්පැන් පානය කොට අලුයම සිය රාජකාරියට පැමිණි බවත්ය.