මීගොඩ ප්‍රදේශය පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයකට රාත්‍රී කාලයේ ඇතුළු වී එහි සේප්පුවක් කඩා රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ හා මුදල් සොරාගත් දෙදෙනෙකු 21 දා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත (දකුණ) අපරාධ කොට්ඨාසය පවසයි.
සැකකරුවන් දෙදෙනා මෙම ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයේ සේප්පුවේ තිබී රන් පවුම් 54 සහ රුපියල් ලක්ෂ 27 ක මුදලක් සොරා ගෙනගොස් තිබුණි.
සැකකරුවන් විසින් කපා දමා තිබූ සේප්පුවේ කොටසක් ගෙනගොස් සඟවා තිබියදී සොයා ගත් බවත් ප්‍රශ්න කිරීම්වලදී සොරකම් කල භාණ්ඩ හා මුදල් වලින් කොටසක් සොයාගැනීමට හැකි වූ බවත් පොලිසිය පවසයි .
එසේම සේප්පුව කැපීමට යොදාගත් කියත් පටි කිහිපයක් , වෙළද සැල් එහි ආරක්ෂක කැමරා පද්ධතියේ ඩී.වී.ආර් යන්ත්‍රයද සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් බව පොලිසිය කියයි .
මොවුන් මීට පෙරද හෝමාගම , මහරගම මීගොඩ , කොට්ටාව වැනි ප්‍රදේශවල පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථාන සහ වෙළඳසැල් රාත්‍රී කාලයේදී කඩා භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය කියයි .
මෙසේ අත්අඩංගුවට ගත් හෝමාගම සහ ගෝනපොල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකි.
මොවුන්ගේ එක් අයකු පන්නිපිටිය ගුවන්පාලම මත ධාවනය වෙමින් තිබූ මෝටර් රථයකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට දැනට ඇප මත නිදහස්ව සිටින අයෙකු බවද පොලිසිය පවසයි .
සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රඳවා ගැනීමේ නියෝග ලබාගෙන ඉදිරි පරීක්ෂණ සිදුකිරීමට නියමිතය .
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න