කොව්ඩි 19 වෛරසය රට තුළට පැමිණීම වළක්වා ගැනීමේ පියවරක් ලෙස අද (03දා) සිට මගී නෞකා මගින් පැමිණෙන පිරිස්වලට වරායට ඇතුළු වීම තහනම් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
මෙම තීරණය වරාය සභාපතිවරයාට හා ආගමන විගමන පාලකවරයාට දැනුම් දුන් බවත්, මගීන්ට වරායට ඇතුළු වීම තහනම් කළද, නෞකාවලට අවශ්‍ය සේවා පහසුකම් හා ඉන්ධන ලබාගත හැකි බවත් හෙතෙම පවසා සිටියේය.
මෙම ආකාරයේ නැවුවලින් ලෝකය පුරා සංචාරය කරනු ලබන්නේ වැඩිහිටි පුද්ගලයන් වන අතර, මීට අමතරව ඔවුන් විවිධ රටවලට අයත්වන බවත් ඒ මහතා පවසා සිටියේය.
මෙම තීරණය හේතුවෙන් අද (03දා) තායිලන්තය හරහා මෙරටට පැමිණීමට නියමිතව තිබූ නෞකාවක් ඕමානය බලා ගොස් තිබෙන බවද අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.