තම දරුවන් දෙදෙනා තාමත් අවුරුදු 3 හමාරක හා දෙක හමාරක දරුවන් බවත් ඔවුන්ට තාම පාසල් යෑමට නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසිය.
අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදි ඔහු ප්‍රකාශ කළේය. එවැනි තත්ත්වයක් තිබියදි තමා දරුවන් පාසල් නොයවා සිටින විට අනෙක් දරුවන්ට පාසල් යන ලෙස තමා සඳහන් කළ බවට ඇතැම් අය චෝදනා එල්ල කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම සාමාන්‍ය පෙළ, උසස්පෙළ හා වාර විභාග කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම අනියත බියකින් තොරව හෙට දිනයේදී දරුවන් පාසල්වෙත එවන ලෙසත් ඔහු සඳහන් කළේය.