අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්දයෙන් පසුගිය අවුරුදු හතරහමාර තුල විමර්ශනය කල අපරාද පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉවත් කර අලුත් නිලධාරීන් පත් කර ඇති බවට අධිකරණයට වාර්තා වී ඇති බවත් එමගින් මිග් යානා ගනුදෙනු සම්බන්දයෙන් විමර්ශන යට ගැසීමේ උත්සහයක නිරත වන බවට සැකයක් මතු වන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ විපක්ෂනායක කාර්යාලයේ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා,
“මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු විමසීමේදී මහේස්ත්‍රාත්තුමාගේ අවදානය යොමුවෙලා තියෙනවා සී.අයි.ඩීය (අපරාද පරීක්ෂන දෙපාර්තමේන්තුව) මෙතුමා සම්බන්දයෙන් වසර 5ක් තුල එහෙද නැත්තන් වසර හතරහමාරක් තුල ඒ විමර්ශනය කල නිලධාරීන් ඉවත් කරලා අලුත් නිලධාරීන් පත් කරලා තියෙනවා.ඇත්තටම මහේත්‍රාත් අධිකරනය කියලා තියෙනවා මෙන්න මේ විමර්ශනය කරන නිලධාරීන් ඉවත් කරන් නැතුන් එයාලගේ සහය ගන්න කියලා.ඉතින් අපිට සැකයක් මතු වෙනවා අලුත් කණ්ඩායම් යොදවලා මේ ගනුදෙනු සම්බන්දයෙන් මේ වෙනකන් විමර්ශනය කරලා තියෙන කාරනා යට ගහන්න එහෙම නැත්තන් වෙනස් කරන්නටද කියන මේ සැකය රටේ ජනතාවට ඇති වෙනවා .ඒ නිසා අපි කියනවා ජනාධිපතිතුමා බලයට පත් වෙන්න පෙරත් ඊට පසුවත් ප්‍රකාශ කලා මේ රටේ ජනතාවට සැමට නීතිය එකයි කියලා.එහෙම නම් අපි ඉල්ලීමක් කරනවා එතුමාගෙන් සැමට නීතිය එකයි කියන තේමාව යටතේ මෙවැනි කාරනා සම්බන්දයෙනුත් මේ විමර්ශන නිලධාරීන් වෙනස් කරන්නේ නැතුව මේ විමර්ශන කරපු උදවියගේ සහය අරගෙන මේ වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන්න කියලා“