ශ්‍රී ලංකාවේ තවමත් කොවිඩ් 19 රෝගය සමාජීය වශයෙන් පැතිරීමක් නොමැති බවත් ඒ අනුව මුඛ ආවරණ පැළදීමේ අවශ්‍යතාවක් නොමැති බවත් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
"මුඛ ආවරණ පැළදීමේ අවශ්‍යතාවක් නෑ. තවමත් ලංකාවේ සමාජීය වශයෙන් පැතිරීමක් නෑ. නමුත් එය පැළදීමේ අවශ්‍ය අවස්ථාවක් තිබෙනවා නම් අපි ප්‍රකාශ කරනවා. මුඛ පළදනා භාවිතය වැඩිවීම තුළ කළ යුතු අවශ්‍ය දේ අමතක කරනවා. අවශ්‍ය විට මුඛ පළදනා නැති වෙන්න පුළුවන්.
මේ අවස්ථාවේදී මඛ පළදනා අවශ්‍ය නෑ. නමුත් අපිට යම් කිසි පුද්ගලයෙක් මුඛ පළදනවානම් එසේ නොකළ යුතුයි කියලා අපි කියන්නේ නෑ. අපි ඒක රෙකමදාරු කරන්නේ නෑ."