මෙක්සිකොවේ ගෙවීගිය දිනයේ නව කොවිඩ්-19 මරණ 534ක් වාර්තා කිරීමත් සමග එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 70,000 සීමාව පසුකර තිබේ.
තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින්, මාර්තු මැද සිට අගෝස්තු මුල දක්වා මෙක්සිකෝවේ අතිරික්ත මරණ දත්තවල විශාල වැඩිවීමක් පෙන්නුම් කිරීමෙන් හැඟවෙන්නේ, එරට කොවිඩ්-19 නිල මරණ සංඛ්‍යාව මීට වඩා දස දහස් ගණනකින් වැඩිවිය හැකි බව යැයිද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙක්සිකෝව ගෙවීගිය දිනයේ නව ආසාදන 5,935ක් වාර්තා කර ඇති අතර, ඒ අනුව එහි සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 658,299ක් දක්වා ඉහළ ගොස් ඇත.