මංගල සමරවීර තමනුත් විනාශ කරගෙන පක්ෂයත් විනාශ කරගන්නයි හදන්නේ - නිමල්
මංගල සමරවීර අන්ද කයිප්පු කැවිලා මෙන් සිටින බවත් තමන්ගේ පක්ෂයත් විනාශ කරගෙන තමනුත් විනාශ කරන එක තමයි මේ කරන්නේ යැයි අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ අදහස් පල කළේ කැප්පෙටිපොල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය,
"මේ රජය තරම් ජනතාවට සහන දුන්නු වෙනත් රජයක් නැහැ. ලෝකයේ කිසිදු රටක මේ වගේ සහන දීලා නැහැ. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගේ දුක පිළිබදව කල්පනා කරලා මේ සිද්ධවෙච්ච ව්‍යසනය ගැන කල්පනා කරලා රුපියල් පන්දහස බැගින් මුදල් ආධාර ලබා දිමටත් කටයුතු කලා. දැන් දෙවන වටයත් ඒ මුදල් ලබා දෙනවා.
කිසිම දේශපාලන පක්ෂ භේදයකින් තොරව දැන් අපේ ගම් ප්‍රදේශවල සියයට අනු අටකට විතර මේ ආධාරය ලැබිලා තියෙන්නේ. ඉතින් විපක්ෂනායක තුමා පාරට බහිනවානම් දැන් කොහොමත් එතුමා පාරට බහින්න ඕනි නැහැ. දැන් ජනතාව ඒ අය සහ ඒ පක්ෂයේ අය පාරට බස්සලා තියෙන්නේ. මොකද මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් පිළිබදව කිසිම හැඟිමකින් තොරව විදේශ න්‍යාය පත්රයන් අනුව කටයුතු කරපු එක්සත් ජාතික පක්ෂය ජනතාව විසින් පහුගිය මැතිවරණයේදින් පාරට බැස්සුවා. මේ මැතිවරණයේදින් පාරෙන් මන් හිතන්නේ කාණුවටම ඇදලා දායි. ජනාධිපතිතුමා මේ ජනතාවට සහන දෙන්නේ නීත්‍යානුකුලව ලබා ගන්නා මුදල් වලින්. ඒ නිසා විපක්ෂය ඔය කොයිතරම් දේ කිව්වත් වැඩක් නැහැ. මේ රජය කරන දේවල් විපක්ෂයට බලාගෙන ඉන්න බැහැ. මංගල සමරවීර කරන කියන දේවල් වලින් එයාගේ දේශපාලනයත් එයා නියෝජනය කරන දේශපාලන පක්ෂයේත් විනාශයට තමයි මේ ගෙනියන්නේ. එයා ඔය කියන දේවල් වල ප්‍රතිඵලය ඉදිරි මැතිවරණයේදීන් එයාටත් විපක්ෂයටත් ජනතාව ලබා දෙයි".
වැලිමඩ කුමාරගේ

popular news
-
jagath disanayake Wednesday, 20 May 2020 11:37 AM
"owa denu parahata thama sammathayehi pihita sita"...me sare nam parlimenthuwe maha dawata nidiyana wawula nam ewanna epa...badulle meya niyojanaya karana paksha hithawathuni.....
Reply : 0 0
Dayan Wednesday, 20 May 2020 12:50 PM
Government has a duty to look after its citizens. Nothing to phrase about giving Rs.5,000 to a family. It is insufficient. Japan has given Yen 100,000 to each of their citizen.
Reply : 0 0
Demuni Uduwara Thursday, 21 May 2020 01:50 AM
In US, $ 1200/- per person $500/- per child are paid as a stimulus package initially and increased to $ 194/- per person for foods monthly due to the epidemic. Mr. Minister is mere Rs.5000/- sufficient for a family.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

