තමා සාර්ථකද අසාර්ථකද යන්න මැනීම සඳහා ඇති හොඳම මිණුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදින් සිදුකරන බොරු ප්රකාශ නොවන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පැවැසීය.
"මා බලයට පත් වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේයි. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුනේ ඉන් මාස 9 කට පසු මේ වසරේ අගෝස්තු මාසයේයි.
මේ කාලය තුල මා ක්රියාකල ආකාරය ඉතා ඉහලින්ම ජනතාව අනුමත කල නිසා තමයි ඔවුන් අපට පාර්ලිමේන්තු මැතිවරණයේදි 2/3 ක බලයක් ලබා දුන්නේ.
මා සාර්ථකද අසාර්ථකද යන්නට හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලා හරහා පතුරන සංවිධානාත්මක බොරු ප්රචාර නොවෙයි."