මේ වසර අවසන්වන විට එන්නත් කළ යුතු සියලු දෙනා එන්නත් කර අවසන් කිරීම ඉලක්කය බවත් මේ සතියේදී වැඩි පිරිසකට එන්නත් ලබාදෙන බැවින් මෙම සතිය තීරණාත්මක බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය ෆේස් බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය එන්නත් මාත්‍රා ප්‍රමාණය ලැබෙමින් පවතින බවයි.
“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත මේවනවිට එන්නත් මාත්‍රා අවශ්‍ය ප්‍රමාණයට ලැබෙමින් පවතිනවා.
මේ වසර අවසන් වනවිට එන්නත් කළ යුතු සියලුදෙනා එන්නත් කර අවසන් කිරීම අපගේ ඉලක්කයයි. එළඹෙන සතිය තුළ වැඩි පිරිසකට එන්නත් ලබා දෙන බැවින් මෙම සතිය අපට රටක් ලෙස තීරණාත්මකයි.
දේශපාලන හා පෞද්ගලික න්යායපත්ර පසෙක දමා අපගේ ජනතාවට ආරක්ෂිත පරිසරයක් වෙනුවෙන් වැඩ කර රටේ ආර්ථිකය කඩිනමින් නැවත පණ ගැන්විය යුතු වනවා.”