මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට ඊයේ (10දා) දක්වා කාලය තුළදී දුම්රියේ ගැටීම නිසා පුද්ගලයන් තුන්සිය හැත්තෑවක් මියගොස් තිබේ.
පසුගිය වසර තුළදී දුම්රියේ ගැටීම නිසා පුද්ගලයන් පන්සිය දාහතක ප්‍රමාණයක් මියගොස් ඇත.
දුම්රිය අනතුරුවලට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ දුම්රිය හරස් මාර්ගවලින් නොසැලකිලිමත් ලෙස රථවාහන ධාවනය කිරීම බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පසුගිය 08 වැනිදා ගණේමුල්ල හා බුළුගහගොඩ දුම්රිය ස්ථාන දෙක අතර දී කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී 23 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකු හා තරුණියක මියගොස් තිබේ.
පසුගිය වසරට සාපේක්ෂව මෙම කාලය තුළදී දුම්රිය අනතුරු නිසා මියයන ප්‍රමාණයේ අඩුවීමක් දක්නට තිබුණද ජනතාවගේ නොසැලකිල්ල නිසා මරණයට පත්වීම් සිදුවන බවද දුම්රිය ආරක්ෂක හමුදාවේ අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා %අද^ කළ විමසීමකදී සඳහන්කළේය.