2020 මහා මැතිවරණයට අදාලව මැතිවරණ නිති උල්ලංඝනය කිරිමි හා ප්රචණ්ඩ ක්‍රියා පිළිබදව ඊයේ (29) දිනයවනවිට පැමිණිලි හා සි දුවිමි 755 ක් වාර්තා වි ඇති බව කැෆේ සංවිධානය පවසයි. එහි අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය මැතිවරණ පැමිණිලි හා සිදුවිමි සමිබන්ධව මෙසේ පැවසිය .
“ 2020 මහා මැතිවරණයට අදාලව කැෆේ සංවිධානයේ මැතිවරණ නිරික්ෂණ කටයුතු ආරමිභ කරලා තියෙනවා . එයට අදාලව මැතිවරණ නීති උල්ලංඝනය කිරිමි 652 ක් හා ප්රචණ්ඩ ක්‍රියා 103 ක් වාර්තා වෙනවා . සමස්ථයක් විදියට ගත්තම සමස්ථ පැමිණිලිවල හා සි දුවිමිවල එකතුව 755 ලෙස අපිට වාර්තා වෙනවා . මැතිවරණ නීති උල්ලංඝනය කිරිම ගත්තම - මහජන දේපල හා රාජ්‍යය සේවකයින් යොදා ගැනිම සහ පත්විමි හා ස්ථාන මාරු කිරිමි 89 ක්ද , නීතිවිරෝධි ප්‍රචාරණ සි දුවිමි 459 ක්ද , සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරිමි 89 ක් හා එයට අදාල වෙනත් සිදුවිමි 9 ක්ද වාර්තා වෙනවා . ප්රචණ්ඩ ක්‍රියා ගත්තම - දේපල හානි කිරිමි 3 ක්ද , පහරදිමි හා තර්ජනය කිරිමි 15 ක්ද , වෛරි ප්‍රකාශන සහ ව්‍යාජ පුවත් 60 ක් හා එයට අදාල වෙනත් සි දුවිමි 25 ක් වාර්තා වෙනවා . මෙි සියල්ලම එකතුව ලෙස පැමිණිලි හා සි දුවිමි 755 ක් අද වෙනකොට වාර්තා වෙනවා” යැයි පැවසිය .
“ ඒ වගේම මෙිවනවිට වැඩිපුර ප්රචණ්ඩ ක්‍රියා වාර්තා වුන දිස්ත්‍රිකය ලෙස දිගාමඩුල්ල දිස්ත්‍රිකය වාර්තා වෙනවා . එකම පක්ෂයේ හා විරුද්ධ පක්ෂ අතරයි එම ගැටුමි ඇතිව තිබෙන්නේ . නමුත් එහි බරපතල සි දුවිමක් වාර්තා වන්නෙ නැහැ . ඒ වගේම මැතිවරණ කොමිසන් සභාවෙි උපදෙස් නොසලකා හරිමින් යමි සේවා ආයතනයක් ජන්ද දායකයන්ට ජන්දය පාවිචිචි කිරිම සදහා අවස්ථාව ලබා නොදෙන්නේනමි ඒ පිළිබද පැමිණිලි භාරගන්න අප සුදානමි , 0114 341524 යන අංකයට ඒ පිළිබදව දැනුමි දෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ” යැයි ආරියවංශ මහත්මිය වැඩි දුරටත් පැවසිය .