සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මේ මස 21 වන දා සිට නිල වශයෙන් ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. ඒ අනුව මාස 10 කට පසු 21 වන දා සිට කටුනායක සහ මත්තල ගුවන්තොටුපල වානිජ ගුවන් ගමන් සදහා විවෘත කෙරේ. ජනවාරි 23 වන දින පමණ වන විට ගුවන්තොටුපල වාණිජ ගුවන්ගමන් ක්‍රමානුකූලව යතා තත්ත්වයට පත්වනු ඇතැයි තමන් අපෙක්ෂා කරන බවද ඇමතිවරයා සදහන් කරයි.
සංචාරක ව්‍යාපාරයෙන් මෙරට ලක්ෂ 30 කට ආසන්න පිරිසක් සෘජු හා වක්‍රව යැපෙන බවත් කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම අය ජීවත් වීමට නොහැකිව අන්ත අසරණ තත්වයට පත්ව ඇති බවත් මේ තත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රට සංචාරකයන්ට විවෘත කිරීමට තීරණය කල බවත් ඇමතිවරයා සදහන් කරයි.