තමන් මෙතෙක් දැරූ මුදල් අමාත්‍යධුරය බැසිල් රාජපක්ෂ මහතාට ලබාදුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් ඔහු පවසන්නේ නව මුදල් අමාත්‍යවරයාට සිය ධුරයේ කටයුතු සාර්ථක ලෙස කරගෙන යාමට සුබ පැතුම් එක්කරන බවයි.
"මා මෙතෙක් දැරූ මුදල් අමාත්‍ය ධූරය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලබා දීමට කටයුතු කළෙමි. නව මුදල් අමාත්‍යතුමාට සිය ධූරයේ කටයුතු සාර්ථක ලෙස ඉටු කිරීමට හැකියාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි."