මේ ගණුදෙණුව හොදින් බැරිනම් ජනතා බලයෙන් හෝ දිනාගත යුත බවත් ඒ නිසා ජනතාව සමග ගොස් මෙම මස 12 වැනි දින හෝ 13 වැනි දින කොළඹ වටලනවා යැයි ගාල්ල දිස්ත්‍රික් එජාප නායක හා ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසයි.
ඊයේ පැවති ගාල්ල එජාප බලමණ්ඩල රැස්විමේදි අබේවර්ධන මහතා මේ බව සදහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අබේවර්ධන මහතා,
මේ ගණුදෙණුව හොදින් බැරිනම් ජනතා බලයෙන් දිනා ගන්න වෙනවා. මෙම මස 12 හෝ 13 වැනදිනවල අපි කොළඹ වටලනවා. ජනාධිපති මන්දිරය බෞද්ධාලෝක මාවත වටලනවා. හැම ආසනයකින්ම දහසක් ජනතාවක් සමග ලක්ෂයක් හෝ ලක්ෂ 02ක ජනතාවක් ගෙනවිත් කොළඹ වටලනවා.
කතරම වන්දනාවේ ශ්‍රි පාදය වදින්න යනවා වගේ කැම ඉවිම සදහා බඩු මුට්ටු රැගෙන විහාරමහාදේවි උද්‍යානයේ නතරවෙලා මේ ගණුදෙණුව බේරාගන්න ජනතා බලය පෙන්වනවා. කාටවත් ජනමතය හොරෙන් ගන්න බැහැ.
රියදුරු බලපත්‍රයක් තිබුණාට ඕන ඔන විදියට එලවන්න බැහැ කහ ඉර කැපුවොත් දඩ ගහනවා. අධිවේගයෙන් ගියොත් දඩ ගහනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එහෙමයි. බලපත්‍රයක් තිබුණාට ඕන ඕන විදියට එලවන්න බැහැ. පත්කරපු අගමැති නිතිවිරෝධියි. පාර්ලිමෙන්තුව විසුරුව හැරිමත් නිතිවිරෝධියි. වසර හතරහමාරක් යන කම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් රියදුරු බලපත්‍රයක් වගේ. ඕන ඕන විදියට එලවන්න බැහැ. ලයිසන් එක තිබුණාට ඕන ඕන විදියට පාවිච්චි කළොත් දඩ ගහනවා, හිරේ දමනවා ,ප්‍රජා අයතිය අහෝසි කරනවා , ආණ්ඩක්රම ව්‍යවස්ථාව වැරදි විදියට පාවිච්චි කළහොත් දෝෂාභියෝගයක් වුණත් ගෙන්න පුළුවන්. ප්‍රජා අයිතිය අහෝසි කරන්න වුණත් පුළුවන්. මට සිතු දේ කළ හැකි කියලා වගන්තියක් නැහැ.
ජිනේෂ් නානායක්කාර