මැතිවරණ කොමිසම් සභාව මේ අවස්ථාවේ අපහසුතාවයට ලක්කිරිම බරපතල ඛෙදවාචකයක් ලෙස තමන් දකින බව හිටපු අමාත්‍ය හා ගාල්ල දිස්ත්‍රික් එජාප නායක වජිර අබේවර්ධන මහතා පවසයි.
අද (20) ගාල්ලේ පැවති මාධ්‍යහමුවකදි හිටපු ඇමතිවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.
“මැතිවරණ කොමිසම් සභාව මේ අවස්ථාවේ අපහසුතාවයට ලක්කිරිම බරපතල ඛෙදවාචකයක් ලෙස තමයි මම දකින්නේ. මෙක ඒ අයගේ සිමාවෙන් ඔබ්බට ගියා. ඒ අය දින නියම කළ නියමිත දිනට මැතිවරණය පැවැත්විමට නොහැකිවුණේ මැතිවරණ කොමසමේ දෝෂයක් නිසා නොවෙයි. ලෝක වසංගතයක් නිසා එම තත්වයට මුහුණ දීලා තියෙනවා.ඒ නිසා ජුනි 02 කියන කථාව වැදගත් වෙන්නේ නැහැ.
ඡන්දය ගැන හිතන්නේ කොහොමද මුද්‍රණාල වැඩ කරන්න ඕන. සේවකයින් මෙවා මුද්‍රණය කරන්න ඕන. තැපල්කරුවන් මෙවා නිසි අයුරින් බෙදා දෙන්න ඕන. මැතිවරණ කොමිසම මේ අවස්ථාවේ අසරණ කරන්න හොඳ නැහැ මේ අවස්ථාවේ මැතිවරණ කොමිසමේ වගකිමෙන් ඈතට ගිහින් තියෙන්නේ. ඒ නිසා මැතිවරණ කොමිසමට මෙක පටවන එක බරපතල ඛෙදවාකයක්.”